#
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව - දකුණු පළාත.
  • 091-2222418
  • spintauditgalle@gmail.com

පුවත් සහ සිදුවීම්

නවතම පුවත

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සදහා ගණකාධිකාරි සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එච්.ජි.ප්‍රදීප් ඉදුනිල් මහතා 2023/01/24 දින දකුණු පළාත් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

Share:

පුවත්

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ 2021 වර්ෂයේ විගණකාධිපති වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන සදහා තත්වාගණනය නොකළ මතයක් (Clean Opinion) ලබාගත් අතර 2023/02/14 දින දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති ඇගයුම් අවස්ථාවේදි දකුණු පළාත් ගරු ආණ්ඩුකාර විලි ගමගේ මැතිතුමාගේ සුරතින් සම්මාන ලබා ගන්නා ලදි.

Share:

සිදුවීම්

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව 2020 මුදල් වර්ෂයට අදාලව පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් මෙහෙය වනු ලැබු ප්‍රශ්නාවලි වැඩසටහනේ ඉහළ කාර්යය සාධන මට්ටමක් ලබා ගැනිමට සමත් වූ අතර ඒ සදහා 2023/02/14 දින දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවති ඇගයුම් අවස්ථාවේදි දකුණු පළාත් ගරු ආණ්ඩුකාර විලි ගමගේ මැතිතුමාගේ සුරතින් සම්මාන ලබා ගන්නා ලදි.

Share:

පුවත්

පළාත් විගණන ප්‍රගති සමාලෝචන රැස්වීම දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමගේ ප්‍රධානත්වයෙන් සියළුම අමාත්‍යාංශ ලේකම්වරු, ආණ්ඩුකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්, සභා ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු සහ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

Share:

සිදුවීම්

පළාත් විගණන විගණන කලමනාකරණ කමිටු රැස්වීම දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමගේ ප්‍රධානත්වයෙන් සියළුම අමාත්‍යාංශ ලේකම්වරු, ආණ්ඩුකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්, සභා ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු සහ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

පුවත්

2023 වර්ෂයේ පළමු කාර්තුව සදහා වන පළාත් විගණන කළමනාකරණ කමිටු රැස්විම 2023/03/01 දින දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.

Share:
icon: image }); }