#
  • අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව      දකුණු පළාත.
  • 091-2222418
  • spintauditgalle@gmail.com

"විධිමත් අභ්‍යන්තර පාලනයක් තුලින් විශිෂ්ටත්වයට පිය නගමු"

"Let's step into excellence through formal internal control"

#

අපගේ දැක්ම

වැරදි ,වංචා හා දූෂණ වලින් තොර වු යහපාලනයක් දකුණු පළාතේ ස්ථාපිත කිරීමට කටයුතු කරන විශිෂ්ටතම ආයතනය බවට පත්වීම

#

අපගේ මෙහෙවර

දකුණු පළාත් සභා අරමුදලේ මූල්‍යමය හා මූල්‍යමය නොවන කටයුතු, වංචා, දූෂණ හා වැරදි ඇති නොවන පරිදි මෙහෙයවීමට හා පළාත් සංවර්ධනය මනා විනිවිදභාවයකින් සිදු කිරීමට හැකි වන සේ පළාත් සභාවට අයත් සෑම ආයතනයකම අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම

#

අපගේ අගයයන්

ස්වාධීනත්වය, අවංකභාවය, රහස්‍යභාවය, තාක්‍ෂණික ප්‍රමිතීන්, වෘත්තීය හැසිරීම, විෂය ප්‍රමුඛතාවය, වෘත්තීය ප්‍රවීණතාවය සහ සුපරීක්ෂාකාරිත්වය, කණ්ඩායම් හැඟීම

#

අපගේ අරමුණු

අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම සඳහා වාර්ෂික විගණන සැලැස්මට අනුකූලව මාසික විගණන වැඩසටහන සකස් කිරීම, විගණන කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම සහ ඒවා අධීක්ෂණය කිරීම

Read More

පළාත තුළ පිහිටි පළාත් සභාවේ සියළුම අමාත්‍යාංශ, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා කාර්යාල ,ප්‍රඥප්ති යටතේ පිහිටුවා ඇති අධිකාරී මණ්ඩල හා ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති කාර්යයන් පිළිබඳව පළාත් පාලන අමාත්‍යවරයාගේ එකඟතාවය මත පළාත් පාලන ආයතන හා වෙනත් ආයතනවල පාලන ඒකක,ගිණුම් ඒකක හා වැඩබිම් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන මූල්‍ය කටයුතු හා වෙනත් ඕනෑම ආකාරයක කටයුත්තක් සම්බන්ධයෙන් අදාල වන පොත්පත්,ලේඛණ,වාර්තා ලේජර්,චෙක්පත්,මුද්දර,මුදල් හා ඕනෑම ලේඛණයක් පරීක්ෂා කිරිම හා භාරයට ගැනිමේ අයිතිය.

අවශ්‍ය අවස්ථාවලදී විශේෂ පරීක්ෂණ මෙහයවීම් හා එම පරීක්ෂණවලදී උද්ගතවන තත්ත්වයන් මත අවශ්‍ය නිලධාරින්ගෙන් හා පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනිම.

වෙනත් රීතියක් හෝ විධිවිධානයක් යටතේ රිති සත්භාවය ආරක්ෂා කළ යුතු යයි නියම කර ඇති අවස්ථාවක ඒ සඳහා ඊට අදාල ලියවිලි පරීක්ෂා කිරීමට ලබා දිය යුතුය.

වැරදි වංචා වැලැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රම සැකසීම අතින් මෙන්ම සත්‍යම ක්‍රියාකෘරීත්වය අතින් සාර්ථක දැයි සොයා බැලීම

ගිණුම් හා වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේ දැයි සොයා බැලීම.

කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම් ඉටු කිරී මෙහිලා ඔවුන්ගේ කාර්ය සාධනයෙහි ගුණාත්මකභාවය ඇගයීම.

පළාතේ සියලු ආයතනවල වත්කම් සියලුම ආකාරයේ අලාභ හානි වලින් කොතරම් දුරට ආරක්ෂා වේ දැයි සොයා බැලීම.

පළාත් සභා ප්‍රඥප්ති , රජයේ මුදල් රෙගුලාසි, රජයේ ආයතන සංග්‍රහය, පළාත් මූල්‍ය රීති, කාර්ය පටිපාටික රිති, ගරු ආණ්ඩුකාරවරයා විසින් අදාල කරගනු ලබන ප්‍රධාන ලේකම් චක්‍රලේඛ, රාජ්‍ය පරිපාලන හා භාණ්ඩාගාර චක්‍රලේඛ හා උපදෙස් අනෙකුත් අණ පනත් හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිපදිනු ලැබේ දැයි සොයා බැලීම.

අභ්‍යන්තර විගණන පරීක්ෂණ ඇසුරින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් හා ගණන් දීමේ නිලධාරීන් පදනම් කරගෙන ත්‍රෛයිමාසික වාර්තාවක් සකස් කර විගණකාධිපති හා ප්‍රධාන ලේකම්ට පිටපතක් සහිතව ගරු ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීම.

අභ්‍යන්තර පාලනය දුර්වල ආයතන වල අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට හා ගණන්දීමේ නිළධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.

පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ හා අභ්‍යන්තර විගණන ඒකක වල කාර්යමණ්ඩලයට දැනුම නව තාක්ෂණය හා ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා නිරන්තරයෙන් පුහුණු කිරීම් සංවිධානය කි‍රීම.

නාස්තිය නිෂ්කාර්යය ධාරිතාව හා අරපිරිමැස්මෙන් තොරව කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම ඒවා අනාවරණය කර ගැනීමට ගෙන ඇති අභ්‍යන්තර පාලන ක්‍රමයේ සාර්ථකත්වය සොයා බැලීම.

පළාත් සභාවේ ආයතනවල ගිණුම් පටිපාටිය හා කිසියම් මුදල් වැය වීමට තුඩුදෙන එකී මෙහෙයුම් පරික්ෂා කිරීම හා ආයතනවල දේපල හා වගකීම් ආරක්ෂාකාරී ලෙස අර පිරිමැස්මෙන් යුතුව විධිමත් ලෙස පරිහරණය කරන්නේ දැයි සොයා බැලීම.

අවශ්‍ය අවස්ථාවල විශේෂ විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම.

විගණකාධිපතිවරයා විසින් පළාත් සභාවේ විවිධ ආයතන සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන විගණන විමසුම් අවම කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම.

සෑම මුදල් වර්ෂයක් වෙනුවෙන්ම පළාත සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන වැඩසටහනක් පිළියෙල කොට ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබාගෙන ගරු ආණ්ඩුකාරතුමාට පිටපතක් සහිතව විගණකාධිපති වෙත යැවීම හා එම වැඩසටහන අනුව වාර්ෂික අභ්‍යන්තර විගණන කටයුතු මෙහෙයවීම.

අභ්‍යන්තර පාලනය දුර්වල ආයතන වල අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ට හා ගණන්දීමේ නිලධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීම.

පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වල විගණන කළමනාකරණ කමිටුවල නිත්‍ය සමාජිකයෙකු ලෙස සහභාගී වීම.

පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා කටයුතුවලදී හා පළාත් අරමුදල් පිළිබඳ කාරක සභා කටයුතුවලදී ප්‍රධාන ලේකම්වරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම.

පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා කටයුතුවලදී හා පළාත් අරමුදල් පිළිබඳ කාරක සභා කටයුතුවලදී ප්‍රධාන ලේකම්වරයාගේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම.

පළාත් සභා ආයතනවල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම තුලින් එම ආයතනවල වංචා, දුෂණ අක්‍රමිකතා හා නාස්තිය වැළැක්වීමට හා හෙළිදරව් කිරීමට කටයුතු කිරීම.


පළාත් සභා ආයතන මුදල් රීති, මුදල් රෙගුලාසි, චක්‍රලේඛ හා උපදෙස් ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම තුලින් පළාත් මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂමතාවය ඉහල මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම.


පළාත් සභා ආයතනවල හිඟ ආදායම් ප්‍රමාණය අවම කිරීමට කටයුතු කිරීම තුළින් පළාත් භාණ්ඩාගාරයේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.


පළාත් සභා ආයතන සතු වත්කම්වල ආරක්ෂාව, ගිණුම් ගත කිරීම් විධිමත් කිරීම හා අධීක්ෂණය කිරීම, අලාභ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීම තුළින් වත්කම් කළමනාකරණය හා සුරක්ෂිතබව ඉහළ නැංවීමට දායකවීම.

පළාතේ ආයතන සතු මානව, මූල්‍ය හා භෞතික සම්පත් ප්‍රසස්ථ අයුරින් උපයෝජනයට මඟ පෙන්වීම හා කාර්ය සාධනය ඉහල නැංවීමට සහයවීම.


ජාතික විගණන කාර්යාලයේ විගණන විමසුම් අවම කිරීමට කටයුතු කිරීම තුළින් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ආයතනයන්හි මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ඇගයීම්හි ඉහළ ස්ථානයකට පත්කිරීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීම.


අභ්‍යන්තර විගණනයේ නව ප්‍රවණතා හා අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා අන්තර් පළාත් අතර මනා සම්බන්ධීකරණයක් ඇතිකර ගැනීමට කටයුතු සිදුකිරීම තුළින් අභ්‍යයන්තර විගණනයේ ගුණාත්මකභාවය හා වැදගත්කම ඉහළ නැංවීම.

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අභිමතාර්ථ සාක්ෂාත් කර කර අරමුණු ගත ඉලක්ක ළගා කර ගැනිම උදෙසා 2020-2024 කාල සීමාව සඳහා පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් අනුමත කර ඇත. එමඟින් පළාත් සභාවේ ආයතනවල කාර්යය සාධනය ඉහළ නැංවිමට අවශ්‍ය ශක්තිමත් අභ්‍යන්තර පාලන පද්ධතියක් ස්ථාපිත කිරිමට උපාය මාර්ගිකව උපදෙස් ලබා දිම , මඟ පෙන්විම හා සහය වීම අපේක්ෂා කෙරේ. ඒ සඳහා දෙපාර්තමේන්තුව සතු මානව , භෞතික හා තාක්ෂණික සම්පත් උපරිම ධාරිතාවයෙන් භාවිතා කිරිමට සැලසුම් කර ඇත.

දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව

1987 අංක 42 දරණ පළාත් සභා පනත යටතේ 1988 දී දකුණු පළාත් සභාව පිහිටු වීමත් සමඟ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ අභ්‍යන්තර විගණන කාර්ය සදහා වෙනම ස්වාධීන ඒකකයක් ස්ථාපිතවීම දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ මූලාරම්භය විය

වැඩිදුර තොරතුරු

අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තු ව්‍යාපෘති සහ ඇගයීම්

කාර් ය සාධනය පිළිබද ක්ෂේත්‍ර පරික්ෂණ චාරිකාව

දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දප කෘෂි කර්ම අමාත්‍යාංශ ලේකම්, නිප්‍රලේ (මුදල්) හා පළාත් භාණ්ඩාගාර අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් 2023-11-05 දින පෝද්දිවල හා ලබුදූව ගොවිපල නිරික්ෂණය කිරිම සිදුකරන ලදි.

අන්තර් පළාත් දැනුම හුවමාරු වැඩසටහන

2020-2024 ඉදිරි පස් අවුරුදු කාලච්ඡේදය තුල දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපාය මාර්ගිකව ළගාවීම මගින් දකුණු පළාත් සභාවේ රාජ්‍ය ආයතන පද්ධතියට වඩා බලගතු හා ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමට සහාය වීම සහ විනිවිදභාවයෙන් යුතුව කාර්ය සාධනය ඉහල නංවාලීමට දායකවීම පිණිස අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණවේ.

වැඩිදුර තොරතුරු

දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

2020 - 2024 ඉදිරි පස් අවුරුදු කාලච්ඡේදය තුල දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපාය මාර්ගිකව ළගාවී දකුණු පළාත් සභාවේ රාජ්‍ය ආයතන පද්ධතියට වඩා බලගතු හා ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමට සහය වීම මගින් විනිවිදභාවයෙන් යුතුව කාර්ය සාධනය ඉහල නංවාලීමට දායකවීම මෙම උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ අරමුණවේ. එම අරමුණට ලඟාවීමට අදාලව අප දෙපාර්තමේන්තුව මඟින් ඉටු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති යෝජනාවක් ලෙස " දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම " පෙන්වා දිය හැකිය.

වැඩිදුර තොරතුරු

අභ්‍යන්තර විගණන හෙළිදරව් කිරීම්,විසදුම් හා කාර්ය සාධනය

2020 - 2024 ඉදිරි පස් අවුරුදු කාලච්ඡේදය තුල දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපාය මාර්ගිකව ළගාවී දකුණු පළාත් සභාවේ රාජ්‍ය ආයතන පද්ධතියට වඩා බලගතු හා ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමට සහය වීම හා විනිවිදභාවයෙන් යුතුව කාර්ය සාධනය ඉහල නංවාලීමට දායකවීම මෙම මාර්ගෝපදේෂ සංග්‍රහය සකස් කිරීමේ අරමුණ වේ.

වැඩිදුර තොරතුරු

චක්‍රලේඛ ගොනු සංරක්ෂණය පිළිබද ව්‍යාපෘතිය

2020 - 2024 ඉදිරි පස් අවුරුදු කාලච්ඡේදය තුල දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපාය මාර්ගිකව ළගාවීම මඟින් දකුණු පළාත් සභාවේ රාජ්‍ය ආයතන පද්ධතියට වඩා බලගතු හා ශක්තිමත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමට සහය වීම විනිවිදභාවයෙන් යුතුව කාර්ය සාධනය ඉහල නංවාලීමට දායකවීම පිණිස අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන හා වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.රාජ්‍ය හා පළාත් සභාවේ භාවිත මේ දක්වා නිකුත් වී ඇති සියළු චක්‍රලේඛ ඒකරාශී කර....

වැඩිදුර තොරතුරු

ආයතනික තොරතුරු කැඳවීමට ආකෘති පත්‍ර හඳුන්වා දීමේ ව්‍යාපෘතිය

පළාත් සභාවට අයත් සියලුම ආයතනවලට වාර්ෂිකව විගණනය සඳහා සහභාගී වීමට නොහැකි වීම හා Covid 19 තත්වය හමුවේ විගණනයට සහභාගී නොවීම තුළ ආයතනවලින් විවිධ විසය කේෂත්‍ර සඳහා හඳුන්වා දුන් ආකෘතියක් මගින් තොරතුරු කැඳවා සමස්ථ ආයතන පද්ධතිය ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණන කාර්ය ඉටුකිරීම මෙම ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ.

වැඩිදුර තොරතුරු

#

Audit Quaries Management System

Get the answers about audit queries.